ලෝකයේ
වාර්තා වී ඇති |
|
සුව වූ |
|
මරණ |
ශ්‍රී ලංකාවේ
වාර්තා වී ඇති |
|
ප්‍රතිකාර ලබන |
|
සුව වූ |
|
සැක සහිත |
|
මරණ |
Testing Centers | Quarantine Centers |
වාර්තා වී ඇති |
|
සුව වූ |
|
මරණ |
වාර්තා වී ඇති |
|
ප්‍රතිකාර ලබන |
|
සුව වූ |
|
සැක සහිත |
|
මරණ |
Testing Centers | Quarantine Centers |
නිවසේ දීම නිරෝධායනය වීමට උපදෙස්
1. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා නිවසේ වාතාශ්‍රය ලැබෙන කාමරයක වෙනම රඳවා තැබිය යුතු අතර නිවසේ අනෙකුත් සාමාජිකයින් ඔහුගෙන් වෙන් වී වෙනම කාමරවල සිටිය යුතු ය.
2. නිරෝධායනයට ලක් වන පුද්ගලයා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් අතර අවම වශයෙන් මීටරයක දුරස්තභාවයක් තබා ගත යුතු ය.
3. නිවසේ අනෙකුත් සාමාජිකයින් වෙනම නානකාමරයක් භාවිත කිරීම වඩාත් ම සුදුසු වන අතර එසේ නොමැතිව එකම නානකාමරයක් භාවිත කරන්නේ නම්, නිරෝධායනය ලක් වන පුද්ගලයා නාන කාමරය භාවිත කිරීමෙන් පසු එහි සියලු උපකරණ පිරිසිදු කළ යුතු ය.
4. නිවසට අමුත්තන් පැමිණීම සීමා කළ යුතු අතර කිසිදු අවස්ථාවක විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා කිසිදු අමුත්තෙකුට මුණ නොගැස්විය යුතු ය.
5. අවම වශයෙන් තත්පර 20ක් හොඳින් සබන් යොදා නිතර දෑත් පිරිසිදු කළ යුතු අතර ජලය යොදා දෑත් පිරිසිදු කිරීමට නොහැකි අවස්ථාවකදී මධ්‍යසාර අඩංගු දෑත් සේදීමේ සනීපාරක්ෂක ද්‍රාවණයක් භාවිත කරන්න.
6. පිරිසිදු නොකළ දෑත්වලින් ඇස්, නහය සහ මුව ස්පර්ශ කිරීමෙන් වළකින්න.
7. නිවස තුළ නිරෝධායනය ලක් වන පුද්ගලයා දිනකට දෙවරක් සිය ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු අතර යම් හෙයකින් උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ අමාරුව, ඇඟපත වේදනා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුම්වත් කළ යුතු ය.
8. ඉවත දැමිය හැකි මුඛ ආවරණ, අත්වැසුම් භාවිත කිරීමෙන් පසු ඒවා නැවත භාවිත නොකර සුදුසු පරිදි විනාශ කළ යුතු ය.
9. නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයාගේ පිගාන්, කොප්ප, වැනි ආහාර ගැනීමට භාවිත කරන උපකරණ ඇතුළු අනෙකුත් සියලු උපකරණ වෙන් කර තැබිය යුතු ය.
10. ගේ දොර උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් භාවිත කිරීමෙන් පසු සබන් යොදා හොඳින් පිරිසිදු කළ යුතු වේ.
1. නිරෝධායනයට ලක් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම හා ක්ෂේත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වගකිව යුුතු වේ.
2. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පත්කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිරෝධායනයට ලක් වන පුද්ගලයින් නිරන්තරව නිරීක්ෂණයට ලක් කරනු ඇති.
3. නිරෝධායනයට ලක් කෙරෙන දින 14 ඇතුළත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ස්ථාන පරීක්ෂාවෙන්, දුරකතනය සහ කෙටි පණිවුඩ ඔස්සේ, අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබයි.
4. යම් හෙයකින් නිරෝධායනයට ලක් වන පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කඩිනමින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා දැනුම්වත් කළ යුතු වේ.
5. රෝග ලක්ෂණ පෙන්නුම් කරන අදාළ පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇමතීමෙන් ළඟම රජයේ රෝහලට හෝ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා නියම කරන ලද රෝහලකට ඇතුළත් කළ යුතු ය.
මැයි11
මැයි10
මැයි09
මැයි08
මැයි07
මැයි06
මැයි05
මැයි04
මැයි03
මැයි02
මැයි01
අප්‍රේල්30
අප්‍රේල්29
අප්‍රේල්28
අප්‍රේල්27
අප්‍රේල්26
අප්‍රේල්25
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට COVID-19 ආසාදනය වෙයි. කඳවුරේආසාදිත පිරිස 60ක්. - යුද හමුදාපති
-අද දිනයේ කොරෝනාආසාදිත රෝගීන් 11 දෙනෙකු හඳුනා ගැනේ.( නිරෝ්ධායන මධ්‍යස්ථාන හා කොළඹ 12 බණ්ඩාරනායක මාවතෙන්). සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 379. - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්අප්රේල්24
මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළට.
වැලිසර නාවික හමුදා කඳවුරේ COVID-19 ආසාදිත බවට හඳුනාගත් සාමාජිකයා ඇතුලු නාවිකයන් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි. - යුද හමුදාපති
අප්‍රේල්23
අප්‍රේල්22
අප්‍රේල්21
නව කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට. - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල තැපැල් සේවා හෙට (21) ඇරඹේ. තැපැල් බෙදීම 22 වැනිදා සිට. නැවත දැනුම් දෙන තුරු විදෙස් තැපැල් භාර නොගැනේ.- තැපැල්පතිඅප්රේල්20
අප්‍රේල්19
අප්‍රේල්18
අප්‍රේල්17
අප්‍රේල්16
අප්‍රේල්.15
අප්‍රේල්.14
අප්‍රේල්.13
අප්‍රේල්12
අප්‍රේල්11
අප්‍රේල්10
අප්‍රේල්9
මෙරට 07 වැනි කොරෝනා මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 44 ක පිරිමි පුද්ගලයෙක් මියයයි. - සෞඛ්‍ය අමාත්‍යංශය
අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්න. - PMDඅප්‍රේල්8
- මෙරට 06 වැනි කොරෝනා මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයෙක් මියයයි. - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,107ක් හා වාහන 326ක් පොලිස් භාරයට. අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 15,902 දක්වා ඉහළට. - පොලිස් මාධ්‍ය කොට්ඨාසඅප්රේල්7
අප්‍රේල්06
අප්‍රේල්5
අප්‍රේල්04
අප්‍රේල්3
මෙරට 4 වැනි කොරෝනා මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු මියයයි.- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ. - සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා ඉහළට. - සෞඛ්‍ය අමාත්යාංශයඅප්රේල්2
කොරෝනා ආසාදනය වීමෙන් සිදුවූ 03 වන මරණය ලෙස, 73 හැවිරිදි පුද්ගලයෙකු IDH රෝහලේදී මියයයි. - සෞඛ්‍ය අංශ
-ශ්‍රී ලන්කන් ගුවන් සේවය අප්‍රේල් 8 වෙනිදා සිට 21 වැනිදා දක්වා සියලු ගුවන් ගමන් අත්හිටුවයි. භාණ්ඩ ප්‍රවාහන හා විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව. - ශ්‍රී ලන්කන්අප්රේල්01
මාර්තු31
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු මීගමුව රෝහලේ දී මියයයි. මෙරට මරණ සංඛ්‍යාව 2 දක්වා ඉහළට.
කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ලබන 01 වැනිදා උදෑසන 6 දක්වා බල පැවැත්වෙයි.- PMDමාර්තු30
මාර්තු29
කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු මියයයි. - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
මාර්තු28
මාර්.27
මාර්.26
මාර්.25
මාර්.24
මාර්.23
මාර්.22
මාර්තු21
මාර්තු20
මාර්.19
මාර්.18
මාර්.17
මාර්.16
මාර්.15
මාර්.14
මාර්.13
මාර්.12
මාර්.11
මාර්.10
පෙබ.19
පෙබ.14
පෙබ.01
ජන.31
ජන.27